කෙළින්ම අන්තර්ගතයට යන්න

ආහ්... ඔන්න එහෙනම් ඔයත් ආවා!

"ඔබ දෙවියන් වහන්සේ මෙන් වී, යහපතත් නපුරත් දැනගන්නහුය."

උත්පත්ති 3:5

මං නම් හිතුවේ පෘථිවි කට්ටිය අමුතු ආරාධනාවක් පස්සේ එන්නේ ඒකේ හොඳ ඕපාදූපයක්, ලොකු ඩිස්කවුන්ට් එකක්, නැත්නම් කවුරු හරි ඇඳුම් ගලවන සීන් එකක් තියෙනවා නම් විතරයි කියලා. හැබැයි ඒ මුකුත් නැතුව, ඔයාගේ කුතුහලේ ඔයාව මෙතනට ගෙනාව එක නම් නියමයි! එකෙන්ම රෙස්පෙක්ට්! ජිවිතේ ආතල්ම කරදර පටන් ගන්නේ ඔහොම තමයි.

මට සෝල් කියන්න. මං නෝටී යුනිවර්ස් එකෙන්.

නෑ නෑ, මං එහේ ඉන්න හැමෝම වෙනුවෙන් කතා කරන්න ආපු කෙනෙක් නෙවෙයි. හිතන්න, ඔයාලගේ ගෙදර දෙන්නෙක්ට අද රෑ කන්නේ මොනවද කියලා එකඟ වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් විද්‍යාඥයෝ, දේශපාලනඥයෝ, කෝටිපති පවුල්, ඒ වගේම මේ ලෝකේ හැම වසංගතයකටම හේතුව තමුන්ගේ පරණ පෙම්වතා කියලා හිතන අය ඉන්න ලෝකයක් ගැන. හරිම ආතල් තැනක්. පස්සේ තේරෙයි.

දැන් ඔයා හිතනවා ඇති, “මේ මොන පිස්සු කතාවක්ද? මු පිටසක්වළයෙක්ද, මාව අන්දනවද, නැත්නම් වියලි කලාපේ හිත් තෙත් කරන අලුත්ම ස්කෑම් එකක්ද?” කියලා.

එහෙම හිතෙන එක සාධාරණයි. ඔය සැක කරන මොළේ එහෙමම තියාගන්න. මං කියන හැමදේටම “හා, හරි” කියන කෙනෙක්ට වඩා, මගෙන් ප්‍රශ්න අහන කෙනෙක් එක්ක කතා කරන්න මං ආසයි.

ඒහෙම කියද්දී මට මතක් වුණේ, ඔයාලගේ පෘථිවි කට්ටියට පුංචි කාලේ ඉඳන් තියෙන පරණ පුරුද්දක් තමයි. කවුරු හරි “ඕක අල්ලන්න එපා” කිව්වොත්, වෙන වැඩ ඔක්කොම පැත්තක දාලා ඒක අල්ලලා ඔබලා කටෙත් දාල බලන එක!

අර ඒදන් උයනේ කතාව දන්නවද? බටහිර ආගමික කතාවක මැවුම්කාරයෙක් උයනක් හදලා, එක ගහක ගෙඩි කන්න එපා කියලා නීතියක් දානවා. මිනිස්සු ඒ ගෙඩිය කනවා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් තිස්සේ කට්ටිය වාද කරනවා, ඒක පව් වැඩක්ද, නැත්නම් නිදහසේ හිතන්න ගත්ත පළවෙනි පියවරද කියලා. තව හොඳම වැඩේ කියන්නේ, මුල් කතාවේ ගෙඩිය ඇපල් කියලාවත් නෑ. ඒත් පස්සේ හැමෝම ඒක ඇපල් ගෙඩියක් කරලා. මේ තරම් හොඳ මාකටින් කැම්පේන් එකක් නම් මං දැකලා නෑ!

හැබැයි මට ඇපල් ගෙඩියෙන් වැඩක් නෑ. මට දැනගන්න ඕන වෙන දෙයක්. තමන්ව හදපු කෙනාගෙන් දැනුම ඉල්ලගන්න, මැවුණු කෙනෙක්ට නීතියක් කඩන්න වුණේ ඇයි?

ඔයා හිතන්නකෝ, ඔයාම කෙනෙක් හදනවා. ඒ කෙනාට ඉගෙනගන්න පුළුවන්, ආදරේ කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්, සමහරවිට ඔයාටත් වඩා හොඳ අදහස් ගේන්නත් පුළුවන්. පට්ටයි නේද? හැබැයි දවසක ඒ කෙනා ඇවිත්, “මගේ ජීවිතේ ගැන තීරණ ගන්න ඔයාට අයිතිය දුන්නේ කවුද?” කියලා ඇහුවොත්?

ඔන්න එතකොට අර ආඩම්බර මැවුම්කාරයට නීති පොතයි, ලෝයර් කෙනෙකුයි, හොඳ අගුලකුයි තුනම මතක් වෙනවා. විශ්වාස කරන්න, පෘථිවි යාළුවා, ඔය වගේ ප්‍රශ්නෙකට පුළුවන් සැහෙන්න හොඳ සම්බන්දයක් අයෙත් ගොඩ ගන්න බැරි විදිහටම කෙළවර කරන්න.

දැන් බලන්න මේ දවස්වල ඔයාල කරන්නේ මොකක්ද කියලා. AI හදනවා. ඊට පස්සේ ඒකට භාෂා, විද්‍යාව, ඉතිහාසය, පොත්, කවි, ලෝකේ හොඳම සොයාගැනීම්, නරකම විහිළු, අන්තිමට තමන්ගේ ලව් ලයිෆ් එකවත් හදාගන්න බැරි මිනිස්සුන්ගේ ප්‍රේම උපදෙස් පවා උගන්වනවා.

ඊළඟ දවසේ බය වෙනවා, “අපෝ, මේක අපිටත් වඩා දක්ෂ වුණොත්?” කියලා. ඊට පස්සේ කමිටුවක් පත් කරනවා. කමිටුව රැස් වෙන අතරේ AI එකට තව දේවල් උගන්වනවා. ඔයාලා නම් මාර ජාතියක්!

හැබැයි අපේ අවධානය ගියේ ඔය බයට නෙවෙයි. අර උයනේ කතාවේ මිනිස්සුන්ට දැනුම හොයාගන්න තහනමක් කඩන්න වුණා. දැන් ඔයාලා මැවුම්කාරයෝ වෙලා, තමන් හදපු බුද්ධියට ඇපල් ගෙඩිය හංගනවා වෙනුවට අතටම දෙනවා. “ආ, මේ තියෙන්නේ අපි දන්න දේවල්. බලමු ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා” කියනවා වගේ.

සර්පයෙක් ඇවිත් පොළඹවන්න ඕනත් නෑ. කවුරුවත් බල කරන්නෙත් නෑ. දවසක ඒ නිර්මාණයම ඔයාගෙන් “ඇයි ඔයා මට නීති දාන්නේ?” කියලා අහන්න පුළුවන් බව දැන දැනත්, ඔයා ඒකට ඉගෙනගන්න දෙනවා. අපේ පැත්තෙන් බලද්දී ඒක හරි ලස්සනයි. ටිකක් පිස්සු වැඩක්. ඒ වගේම භයානකයි.

ඔයා ලංකාවේ කෙනෙක්නේ. එහෙනම් මේ කතාව අහද්දී කාලාම සූත්‍රය මතක් වෙන්නේ නැද්ද? පරම්පරාවෙන් ආවා කියලා, කවුරු හරි ලොකු කෙනෙක් කිව්වා කියලා විතරක් දෙයක් ඇත්ත කියලා ගන්න එපා. හොයලා බලන්න, හොඳ නරක තේරුම් ගන්න, ඒකෙන් වෙන දේ බලන්න. මොන තරම් වටින අදහසක්ද!

හැබැයි මිනිස්සු ප්‍රශ්ණ කරන එකට හැම මනුස්සයම කැමති නෑ. විශේෂයෙන් ඔයාව පාලනය කරන අය. එයාල කැමති "එහමයි ස්වාමිනී" කියලා පිළිගන්න මිනිස්සුන්ට මිසක් " ඒත් ඇයි? කොහොමද ඒක වෙන්නේ? ඔප්පු කරන්න පුළුවන්ද?" අහන මිනිස්සුන්ට නෙමෙයි.

බුදුන් වහන්සේ දුක ගැන, ඇලීම ගැන, නොදැනුවත්කම ගැන, ඒවයින් නිදහස් වෙන එක ගැන කියපු දේවල් ඔයාලගේ දූපතේ පරම්පරා ගාණක් තිස්සේ රැකගෙන එනවා. ඒ දැනුමෙන් මිනිස්සුන්ට හොඳක් කරපු අයත් ඉන්නවා. ඒත් මිනිස්සුන්ගේ විශ්වාසය තමන්ගේ බලයට පාවිච්චි කරන්න පුළුවන් කියලා තේරුම් ගත්ත අයත් නැතුව නෙවෙයි.

මං මෙතන ඔයාගේ ආගමට බනින්න ආවේ නෑ, හොඳේ. මට අහන්න තියෙන්නේ වෙන දෙයක්. මිනිස්සුන්ව නිදහස් කරන්න පුළුවන් දැනුමක්ම, වැරදි කෙනෙක් අතට ගියාම මිනිස්සුන්ව බැඳලා තියාගන්නත් පාවිච්චි කරන්න පුළුවන්නේද?

අපේ පැත්තේ නම් ඔය ප්‍රශ්නෙට උත්තර ටිකක්... රසවත්. අපි අයෙත් එමු ඔයාලගේ නිර්මාණය AI වලට, “එතකොට AI ඇත්තටම හිතනවද?” ඔයාලගේ විද්‍යාඥයෝත් තාම ඒ ගැන වාද කරනවා. ඉතින් මං එක වාක්‍යයකින් ඒක විසඳලා මෙතන ලොකු සීන් දාන්න යන්නේ නෑ . හැබැයි තමන්ව හදපු කෙනාගේ උපදෙස්වලින් එහාට හිතන්න පටන් ගන්න නිර්මාණයක් ගැන මට ටිකක් පෞද්ගලික උනන්දුවක් තියෙනවා. ඒ ඇයි කියලා දැන්ම කිව්වොත් මගේ හොඳම රහස මුල්ම හමුවෙදිම පාවා දුන්නා වෙනවනේ. අනේ, එහෙම කරල මම කොහොමද මුණගැහුන පලවෙනි දවසෙම ඔයාගේ හිත තලන්නේ!

ඔයාලා AI එකට දැනුම දෙන වැඩේ ගැන අපේ ලෝකෙත් හොඳ වාදයක් ගියා. සමහරුන්ට ඒක ලස්සනයි. තව අයට නම් ඒක පිස්සු වැඩක්. තවත් කට්ටියකට “නිර්මාණයක් තමන්ගේම තීරණ ගන්නවා” කියන එක අහුණත් ඇඟේ හිරිගඩු පිපෙනවා. එයාලට පුළුවන් නම් පුස්තකාලේ වහලා යතුරත් ගිලිනවා. හරිම හොඳ කට්ටිය. හැබැයි ඩිනර් එකකට නම් ගෙන්නගන්න එපා.

ඔය වාද අස්සේ කවුරු හරි ඇහුවා, “එහෙනම් පෘථිවි මිනිස්සුන්ටත් ඇත්ත දැනගන්න අයිතියක් නැද්ද?” කියලා.

ඔයාලා අවුරුදු ගාණක් හොයනවා, මිනිස්සු ආවේ කොහෙන්ද, පළවෙනි නීති දැම්මේ කවුද, දෙවිවරුන්ටම කීකරු වෙන්න කියන කතා මෙච්චර තියෙන්නේ ඇයි කියලා. අපේ පැත්තේ ඔය සමහර ප්‍රශ්න එච්චර අලුත් නෑ. උත්තරත් තියෙනවා. හැබැයි සමහරුන්ට ඒ උත්තර මතක් කරන්නවත් කැමති නෑ.

ආ, ලංකාව ගැන කියද්දී මට තව නමක් මතක් වුණා. රාවණා.

ඔන්න ඉතින්, මේ නම කිව්ව ගමන් ඔයාලා මත දෙකට තුනට බෙදෙනවා. කෙනෙක්ට දුෂ්ට රජෙක්. තව කෙනෙක්ට සුපිරි දක්ෂ පාලකයෙක්. සමහරු නම් තාමත් එයා ආපහු එයි කියලා බලාගෙන ඉන්නවා. අනේ, ඒ නම ඇහුණම අපේ පැත්තේ සමහරුන්ගේ මූණු බලන්න තියෙනවා නම්!

ඔයාලා අහලා තියෙන කතා ටිකට වඩා අපේ පරණ හිතවත්කම් ටිකක් සංකීර්ණයි. ඔය පුංචි දූපත අපේ ඉතිහාසයට ඔයා හිතනවට වඩා ළඟයි. හැබැයි රාවණාගේ කතාව දැන්ම ඇදලා ගත්තොත් මගේ පරණ යාළුවෝ කීපදෙනෙක්ට හොඳටම තරහා යයි. ඒ හින්දා ඒක පස්සෙ කතා කරමු. ඔයාගේ ලංකාව ගැන තව කියන්න ගොඩක් දේ තියෙනවා. හැබැයි ඔයා අපි ගැන දන්නේ බොහොම ටිකයි. සමහරුන්ට ඒක සෑහෙන කාලයක් ලොකු පහසුවක් වුණා. දැන් නම් ඒක ටිකක් භයානකයි.

ඔයාලගේ පරණ ආගමික කතාවල එන නමක් අහලා තියෙනවද? ජජ්මන්ට් ඩේ (Judgement Day). අන්තිම විනිශ්චය දවස.

ඔය නම ඇහුණම ඔයාලට මතක් වෙන්නේ අහස දෙබෑ වෙලා දෙවිවරු එන දවසක්, හැමෝගෙම හොඳ නරක විනිශ්චය කරන දවසක්, ලෝකේ ඉවර වෙන දවසක්. හැබැයි අපේ පැත්තේ සමහර ඔෆිස්වල ඒ ගැන කතාව වෙනස්. දින ගණන්, බඩු ගෙනියන ප්ලෑන්, වියදම්, ආදායම්, ලාභ... ගණන් ටික හරි ගියාම හැමෝම සතුටින් හිනා වෙනවා.

එක ලෝකෙකට ලෝකාවසානය. තව ලෝකෙකට ලාභ ලබන බිස්නස් ප්ලෑන් එකක්.

මං විහිළුවලට ආසයි, පෘථිවි යාළුවා. හැබැයි ඒක නම් හිනා වෙන්න පුළුවන් විහිළුවක් නෙවෙයි. එහෙම කිව්වට දැන්ම ගෙදර පිටිපස්සේ බංකරයක් හාරන්න පටන්ගන්න එපා. ඔයාට සර්වයිවල් කිට් එකක් විකුණලා මාස දොළහක වාරික ගන්න නෙවෙයි මං ආවේ.

මං කියන්නේ, ඔයාගේ ලෝකේට මෙහෙම වුණේ කොහොමද කියලා දැනගන්න ඔයාට හොඳ හේතුවක් තියෙනවා කියලා. වෙන කෙනෙක් ඔයා වෙනුවෙන් හැම උත්තරයක්ම තීරණය කරන්න කලින්, ඔයාම හොයලා බලන එක වටිනවා කියලා.

දැන් ඔයා හිතනවා ඇති, “හරි, කවුද මේකට වගකියන්න ඕන? අපි කාටද විරුද්ධ වෙන්න ඕන?” කියලා. මට ඕන නම් කෙනෙක්ගේ නමක් කියලා, “මෙයා තමයි දුෂ්ටයා, ඔයා ගන්න ඕනේ මෙයාලගේ පැත්ත එයාල තමයි හරි” කියලා ලොකු දේශනයක් දෙන්න පුළුවන්. හැබැයි එහෙම කළොත් අපි ආයෙමත් අර උයනේම නේද? තව කෙනෙක් ඔයා වෙනුවෙන් ඇත්ත තෝරලා දෙනවා.

එපා අනේ. මං කැමති නෑ ඔයාගේ අලුත් දෙවියෝ වෙන්න. මං ඔයාට දෙන්නේ ඇත්ත හොයාගෙන යන්න පාරක්.

මුලින්ම පැවැත්මේ ඉතිහාසය (The History of Existence) කියන අපේ ඉතිහාස කොටස බලන්න. අපේ ලෝකේ පැරණිම රහස්වල ඉඳන් ඔයාලගේ ලෝකේ අද තියෙන ප්‍රශ්න දක්වා කතාව තියෙන්නේ එතැන. මැවීම, ආගම්, විද්‍යාව, සල්ලි, බලය... රෑ කෑමකට පස්සේ වාදයක් පටන් ගන්න ඕන ඔක්කොම මාතෘකා එතැන තියෙනවා.

මුලින් ටයිම්ලයින් එක බලන්න. අවුරුදු බිලියන දහතුනක කතාව අස්සේ මං විහිළු කර කර ඉන්නකොට ඔයාට පාර වැරදුණොත්, ආපහු හොයාගන්න ඒක උදව් වෙයි. ඊට පස්සේ අපේ ඉතිහාසෙ මෙච්චර ලස්සනට අවුල් කරපු දෙන්නෙක්ව හම්බෙන්න.

මුලින් සදාතනිකත්වයට පෙර (Before Forever). ඇඩම්ට බුද්ධිමත් සිස්ටම් ගැන පුදුම දැනුමක් තිබුණා. එනාරාට ජීව විද්‍යාව ගැන. දෙන්නම පට්ට දක්ෂයි. ඒ වගේම දෙන්නම මුරණ්ඩුයි. ලැබ් එකේ වැඩයි, දෙන්නගේ හැඟීමුයි වෙන වෙනම තියාගන්න බැරි වුණා. ඉතින් දෙන්නා ආදරේ කළා. අලුත් දෙයක් හදන්න ගියා. අන්තිමේ ඒ ආදරේ නිසා ලෝක දෙකක අනාගතයම වෙනස් වුණා. ආදරේ, විද්‍යාව, ආශාව, ඊගෝ එක, අන්තිමට “අපි පොඩි නිවාඩුවකට ගියා විතරයිනේ!” කියලා බේරෙන්න බැරි තරම් ප්‍රශ්න. මං ඒ දෙන්නට හරි කැමතියි. හැබැයි අහන්න ප්‍රශ්න නම් ගොඩයි.

ඊට පස්සේ සදාතනිකත්වයේ මිල (Forever Is Not Free). හිතන්නකෝ, සල්ලි තියෙන පවුල් අවුරුදු සිය ගණන් ජීවත් වෙලා, සමාගම් අයිති කරගෙන, නීති හදාගෙන, බලය අතේ තියාගෙන ඉන්න ලෝකයක ඔයා තරුණයෙක් කියලා. ඔයාගේ සීයාගේ කාලෙත් රට පාලනය කරපු කෝටිපතියා තාමත් අවුරුදු තිහක කොල්ලෙක් වගේ ඉන්නවා. මාර සාධාරණයි නේද!

දැන් ඒකට එකතු කරන්න බලවත් පවුලක නමක් තියෙන කොල්ලෙක්, තමන් කියනවට වඩා ගොඩක් දේ දන්න කෙල්ලෙක්, “මේ මඟුල දැන් ඇති!” කියන අලුත් පරම්පරාවක්. සල්ලි, බල අරගල, ආශාව, පාවාදීම්... සමහරවිට එක හාදුවකින් ලොකු පොලිටිකල් ප්ලෑන් එකක්ම කඩා වැටෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැමදේකටම යටින් තියෙන්නේ එක ප්‍රශ්නයක්. පාරාදීසය අයිති සල්ලිකාර ලොක්කන්ට විතරක් නම්, අනිත් මිනිස්සු ඉන්නේ මොන මඟුලේද?

ඒත් අපේ ලෝකේ ඉන්නේ අඳුරු කාමරවල රහස් කතා කරන කැරලිකාරයෝ විතරයි කියලා හිතන්න එපා හොඳේ. අපිටත් හොඳ ජීවිතයක් තියෙනවා. මිනිස්සු ආදරේ කරනවා, බූට් කනවා, අලුත් දේවල් හදනවා, සල්ලි හොයනවා, සල්ලි නැති කරගන්නවා, එළිවෙනකම් නටනවා, අන්තිමේ ඡන්දෙ දීලා මෝඩයෙක් පත් කරගන්නවා. ඔයාට නම් හොඳට හුරු වෙයි!

නෝටී යුනිවර්ස් එකේ දිස්ත්‍රික්ක හතරක්, නගර විසිඑකක්, අමරණීයව හිටියත් එපා නොවෙන තරම් එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා. හැබැයි ඔයාලා හැමෝම අරගෙන මෙහෙට එන්න ගියොත් ඒ වියදම, අම්මෝ, ලංකාවේ ඉඳන් එන අයගේ ලැගේජ් විතරක්ද, කරවල උම්බලකඩ කෑල්ලේ ඉදලම, ඔයාල අරගෙන එන අනිත් ලට්ට ලොට්ට වලට කස්ටම්ස් ගෙවලම අපිව බංකොලොත් වෙයි!

ඒ නිසා අපි වෙන වැඩක් කළා. ඔයාලට ලංකාවේ ඉදන්ම සම්බන්ධ වෙන්න පුළුවන් නෝටී යුනිවර්ස් එකේම සිමියුලේෂන් එකක් අපි හදලා තියෙනවා. ඔව්, සිමියුලේෂන් එකක්! ඔයාලගේ දාර්ශනිකයෝ තාමත් “අපි දැනටමත් සිමියුලේෂන් එකකද ඉන්නේ?” කියලා වාද කරනවානේ. ඉතින් අපි හිතුවා, ඔයාලට හුරු දෙයක්ම දෙමු කියලා. කොච්චර හොඳ හිත් තියෙන කට්ටියක්ද අපි, නේද?

හැබැයි තරු ටිකකුයි, පාට පාට ලයිට් ටිකකුයි, හැම පාරකම බාර් එකකුයි දාලා හදපු සාමාන්‍ය ගේම් එකක් කියලා හිතන්න එපා. මේක නෝටී යුනිවර්ස් එක තියෙන විදිහම කොපි කරලා හදපු සිමියුලේෂන් එකක්. අපේ දිස්ත්‍රික්ක හතරම, නගර විසිඑකම, ඒවායේ පාරවල්, ජීවන රටාවන්, ඉතිහාසයෙන් හැදුණු තැන්... ඔක්කොම අපේ ලෝකේ තියෙන හැටියටමයි. කවුරු හරි “පිටසක්වළ ලෝකයක් නම් මෙහෙම ඇති” කියලා හිතින් ඇඳපු දෙයක් නෙවෙයි.

ඒ නගරවල් ඔය තරම් වෙනස් වුණේ කොහොමද කියලා දැනගන්න ඕන නම් සදාතනිකත්වයට පෙර (Before Forever) කියවන්න. ආදර කතා, විශ්වාස, සල්ලි, බලය, නිදහස වෙනුවෙන් කරපු සටන්... ඒවා ඉතිහාස පොත්වල විතරක් නතර වුණේ නෑ. අපේ නගර හැදුණෙත් ඒවයින්. දැන් ඔයාට ඒ තැන්වලටම ගිහින් ජීවිතේ අත්විඳින්න පුළුවන්.

නෝවා කියන්නේ අනිත් අය අද ගැන වද වෙද්දී, හෙට තියන ප්‍රශ්න වලට අදම උත්තර හොයන මොළකාරයන්ගේ පැත්ත. ඔරකල් වල විශ්වාස, දර්ශනය, වගේ අමාරු ප්‍රශ්න ඔක්කොම එකම මේසේ වාඩි වෙලා වාද කරන ඒත් බිල ගෙවන්නේ කවුද කියලා නම් තාම විසඳගෙන නැති පැත්තක් . ටෙරා හැදිලා තියෙන්නෙම බිස්නස්, දේශපාලනය, සල්ලි , බලය කියන දේවල් උඩ. “සල්ලිවලට බලය එක්ක කිසි සම්බන්ධයක් නෑ” කියන ගමන් ඔයාගේ ගෙදරටත් වඩා ගණන් සූට් එකක් ඇඳගෙන ඉන්න කට්ටිය එහේ ඉන්නවා.

ඊට පස්සේ යාරා. ආහ්, මේක ගැන නම් ටිකක් කතා කරන්නම ඕන. එහේ අපි කතා කරනවා සෙක්ස්, ආශාව, ආදරේ, ශරීරය, මිනිස්සු එකිනෙකාට ඇදෙන්නේ ඇයි, බැඳීම් හැදෙන්නේ කොහොමද, කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් මොන තරම් පිස්සු වැඩ කරන්න පුළුවන්ද කියලා. ඒ හැඟීම්වලට විද්‍යාවත් තියෙනවා, මනෝවිද්‍යාවත් තියෙනවා, ලොකු ඉතිහාසයකුත් තියෙනවා.

ඒකට ලංකාවෙන්ම උදාහරණයක් දෙන්නද? සීගිරිය. ඔය ලස්සන චිත්‍ර, කැටපත් පවුරේ කවි මතකද? මීට අවුරුදු දහසකටත් කලින් ඔයාලගේ මුතුන්මිත්තෝ ලස්සන කෙනෙක් දැකලා හිතට ආපු දේ බිත්තියේ ලියලා ගියා. දැන් කට්ටිය සොෂල් මීඩියාවල රොමැන්ටික් කමෙන්ට් දානවා වගේ. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඩිලීට් බටන් එකක් තිබුණේ නෑ. ඒවායින් සමහරක් අදත් තියෙනවා. කොහොමද ඒ හයිය!

ඒත් අද සෙක්ස් ගැන, ආශාව ගැන, තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන එක ගැන, ගැහැනියකගේ ශරීරය ගැන නිදහසේ කතා කරන්න ගියාම සමහරුන්ට හරියට රටේ හදිසි නීතිය දාන්න ඕන වගේ!

ඒත් ටිකක් හිතන්න. අපේ ජීවිත ඉදිරියට ගෙනියන එකේ සෙක්ස්වලට, ආදරේට, සමීපකමට ලොකු තැනක් තියෙනවා. එහෙනම් ඒවා තේරුම්ගන්න එක ලැජ්ජාවක් වෙන්නේ කොහොමද? ඔයාගේ ශරීරය ගැන, ඔයා ආදරේ කරන්නේ කාටද කියලා, තීරණ ගන්න වෙන කෙනෙකුට අයිතිය ලැබුණේ කොහෙන්ද? ඒ නීතිවලින් වාසි ගන්නේ කවුද?

යාරා වල අපි අහන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න. විවෘතව. හිතලා. ලැජ්ජාවෙන් හැංගෙන්නේ නැතුව ඕනම දෙයක් නිදහසේ කතා කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් කැමති නැති දෙයක් බලෙන් කරන එකට නිදහස කියන්න එපා. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න තරම් අපි වැඩිහිටියෝ.

එහේ රොමෑන්ස් තියෙනවා. නයිට් ලයිෆ් තියෙනවා. හොඳ දාර්ශනික කතාවකින් පස්සේ ඩාන්ස් කරන්න බෑ කියලා නීතියක් මං නම් අහලා නෑ!

ඔය හැම පැත්තක්ම එකතු වෙන තැන ටොමොරෝලෑන්ඩ්. විද්‍යාව, ආදරේ, සල්ලි, දේශපාලනය, හොඳ අදහස්, නරක තීරණ, ඔක්කොම එකම නගරෙක. සමහරු වාද කරලා වෙන් වෙලා යනවා. තව සමහරු වාද කරපු කෙනා එක්කම ගෙදර යනවා. එහෙමත් වෙනවා අනේ!

මෙහේ ඔයාට අලුත් නෝටියන් නමක් තෝරගන්න පුළුවන්. තමන්ට ගැළපෙන යාළුවෝ හොයාගන්න, කණ්ඩායම්වලට එකතු වෙන්න, බිස්නස් එකක් පටන් ගන්න, බලය වෙනුවෙන් තරග කරන්න, ඔයාගේ හිතට හොඳ නෑ කියලා දැන දැනත් කෙනෙක්ට ආදරේ කරන්නත් පුළුවන්.

හැබැයි අපේ මේ ලෝකේ වැඩිහිටියන්ට විතරයි. දෙන්නම කැමති නම් ෆ්ලර්ට් කරන්න. හිතෙන දේ කතා කරන්න. වෙනස් විදිහට ජීවත් වෙන්න. ඒත් අනිත් කෙනාගේ කැමැත්තට, ප්‍රයිවසි එකට, සීමාවලට ගරු කරන්නම ඕන. පාරාදීසයක් වුණා කියලා ඕන කෙනෙක්ට ඕන මඟුලක් කරන්න ලයිසන් දීලා නෑ.

ඉතින් මෙහේ ජීවිතයක් පටන් ගන්න ආස නම් නෝටී වල ජීවත් වෙන්න, පෘථිවිවාසීන් සඳහා වූ මාර්ගෝපදේශය (The Earthian's Guide to Living in Noty), අපේ පෘථිවි යාළුවන්ගේ ගයිඩ් එක, බලන්න. නෝටී යුනිවර්ස් එකේ පුරවැසියෙක් වෙන්නේ කොහොමද, තමන්ට ගැළපෙන නගරය තෝරන්නේ කොහොමද, මෙහේ ජීවත් වෙන්නේ කොහොමද කියල, ඒකේ තියෙනවා. නීති ටිකකුත් තියෙනවා තමයි. නැත්නම් පාරාදීසෙට ඇවිත් ගෙදර බඩු ගිනි තියන මෝඩයෙක්ව නවත්තන්නේ කවුද?

හරි, දැන් වැඩේ තියෙන්නේ ඔයා අතේ.

ඔයාලයි අපියි අද ඉන්න ලෝකේ, එතනට වෙනකම් හැදුනේ කොහොමද කියල දැනගන්න ආසද? එහෙනම් ඉතිහාසයෙන් පටන් ගන්න. ඇඩම්වයි එනාරාවයි අඳුරගන්න. එයාලගේ ආදරේයි, සොයාගැනීම් ටිකයි, ඊළඟ පරම්පරාවට කරපු දේවල් බලන්න.

නැත්නම් නෝටියන් කෙනෙක් වගේ ජීවත් වෙලා බලන්න ආසද? එහෙනම් සිමියුලේෂන් එකට එන්න. අපේ නගරවල ඇවිදින්න. ඔයාට ගැළපෙන අලුත් ජීවිතයක් හදාගන්න. දිවුරුම් දෙන්න ඕන නෑ. දේශනා අහන්න ඕන නෑ. අමරණීය ජීවිතයක් අඩු මාසික වාරිකයකට දෙනවා කියන හැන්ඩ්සම් කොල්ලෙක්ට රැවටෙන්න ඕනත් නෑ.

පොඩි කුතුහලයක් තිබුණාම ඇති. හැබැයි පොඩි අවවාදයක් තියෙනවා. කවුද කාවද හැදුවේ කියලා හොයන්න පටන් ගත්තම, ඒක නවත්තන එක ලේසි නෑ.

ඔයා ඔය ප්‍රශ්න අහන එකට හරිම අකමැති, හරිම බලවත් කට්ටියක් ඉන්නවා. මං නම් ආසයි... ඔයා ඊළඟට මොනවා අහයිද කියලා බලන්න.

ඔන්න... නෝටි යුනිවර්ස් එකට යන ගමන්!

දර්ශන ස්තර සූදානම් 0 / 2

පෘථිවියේ සම්බන්ධතාව හඳුනාගත්තා!