කෙළින්ම අන්තර්ගතයට යන්න

තවත් ඔය මඟුලේ සෝෂල් මීඩියා ඇප් එකක් නම් නෙවෙයි!

තියෙන ජීවිතේ අතහැරලා යන්නේ නැතුව, තවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම්?

නෝටි යුනිවර්ස්

අම්මෝ! තවත් සෝෂල් මීඩියා ඇප් එකක්ද?

ඇත්තටම, මේ තියන ඒවා මදිවටද?

තවත් ෆොටෝ දාන්නද? ලයික් ගණන් කරන්නද? අනුන්ගේ හරිම ලස්සනයි කියලා පෙන්නන නිවාඩු ගමන් බලන්නද? ජීවිතේට දැකලවත් නැති කෙනෙක් එක්ක කමෙන්ට් එකක රණ්ඩු වෙන්නද? ෂා! මාර අලුත් අදහසක්නේ.

ඇප් එකක් අරිනවා. විනාඩියක් ස්ක්‍රෝල් කරනවා. හිනා යන වීඩියෝ එකක් බලනවා. ඊළඟ එක දැකලා කේන්ති යනවා. යාළුවෝ මොනවද කරන්නේ කියලා බලනවා. අන්තිමට වෙලාව බලද්දී... පැයක් ගිහින්.

සුබ පැතුම්! තවත් පැයක් අනුන්ගේ ජීවිත දිහා බලාගෙන ගෙවලා ඉවරයි.

වැරදියට හිතන්න එපා. අපිත් හොඳ ගොසිප් එකකට අකමැති නෑ. විශේෂයෙන්ම Terra වල ගෞරවනීය දේශපාලනය කියලා කෙරෙන වැඩ ඇහුවොත්, ඔයාගේ ඉස්කෝලේ යාලුවන්ගේ WhatsApp ගෲප් එකත් හරිම සාමකාමී තැනක් වගේ දැනේවි.

ඒත් අනුන්ගේ ජීවිත බලබලා හවස ගෙවනවා වෙනුවට, ඔයාටම තවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම්?

ප්‍රොෆයිල් ෆොටෝ එක වෙනස් කරන එකක් විතරක් නෙවෙයි.

අලුත් චරිතයක් වෙන්න. ගෙයක් හොයාගන්න. මිනිස්සු හමුවෙන්න. ආදරේ කරන්න. රස්සාවක් කරන්න. බිස්නස් එකක් පටන්ගන්න. දේශපාලන පක්ෂයක් හදන්න. ඡන්දෙ දිනන්න. නැත්නම් හැමෝම කතා කරන කතාවේ දුෂ්ටයා වෙන්න.

මේ කිසිම දෙයක් කරන්න ඔයාට පෘථිවියෙන් පිටත් වෙන්න ඕන නෑ. පෘථිවියේ ඉන්න ඔයාලටත් NOTY වල ජීවිතේ අත්විඳින්න අපි දොරක් ඇරලා තියෙනවා. තමන්ගේ ගෙදර ඉඳගෙනම අපේ නගරවලට ඇතුළු වෙන්න, මිනිස්සු හමුවෙන්න, අත්දැකීම් බෙදාගන්න, මෙහේ තමන්ගේම ජීවිතයක් පටන්ගන්න පුළුවන්.

අභ්‍යවකාශ යානා ඕන නෑ. තරු අතර යන්න ලක්ෂ ගණන් ගුවන් ටිකට් ඕන නෑ. වාසනාවට, එයාර්පෝට් එකේ සපත්තු ගලවලා පෝලිම්වල ඉන්න වෙන්නෙත් නෑ. දැන් නම් ටිකක් රසවත් වගේ නේද?

NOTY Universe එකට සාදරයෙන් පිළිගන්නවා.

නගර විසිඑකක්. දිස්ත්‍රික්ක හතරක්. ප්‍රශ්නවලින් නම් කිසිම අඩුවක් නැති ශිෂ්ටාචාරයක්.

අපි ළඟ පුදුම හිතෙන තාක්ෂණය තියෙනවා. බලවත් Houses තියෙනවා. පුටුවට ආස දේශපාලනඥයෝ, කෝටි ගණන් වටිනා ව්‍යාපාර, රහස් සන්ධාන, අන්ඩර් වර්ල්ඩ් තරගකාරයෝ, ලස්සන තැන්වල අමතක නොවෙන හවස් වරුවක් ගත කරන්න අවස්ථා... ඒ හැමදේටම වඩා, අමුතුම තීරණයක් පවා හරිම ආකර්ෂණීය දෙයක් විදිහට පෙන්වන්න දක්ෂ මිනිස්සු.

සමහරුන්ට ඔයා කැමති වේවි. සමහරුත් එක්ක තර්ක කරාවි. තවත් කෙනෙක් නිසා හිතේ මොකක්දෝ අමුතු දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක මතක තියාගන්න.

ඔයා මෙහේ එන්නේ අපේ ජීවිත දිහා බලාගෙන ඉන්න විතරක් නෙවෙයි. ඔයාටත් මෙහේ තමන්ගේම ජීවිතයක් ගත කරන්න අපි අවස්ථාවක් දෙනවා.

එන්නකෝ. මං වටේ පෙන්නන්නම්.


මුලින්ම කියන්නකෝ. ඔයා කවුරු වෙන්නද කැමති?

හෙට ඉඳලා තවත් ජීවිතයක් පටන්ගන්න ලැබුණොත්, ඔයා වෙනස් කරන්නේ මොනවද?

දැන් කරන රස්සාවමද කරන්නේ? ඉන්න තැනමද ඉන්නේ? ආයෙත් කැමති වෙන්නේ ඒ වගේම කෙනෙක්ටද? හැමෝම මෝඩ වැඩක් කරන්න යද්දී “එපා, හොඳට හිතන්න” කියන වගකීම් සහගත කෙනාම වෙලා ඉන්නවද? නැත්නම් මෙච්චර කල් හිතේ තිබුණත් කරලා බලන්න බැරිවුණ දෙයක් කරනවද?

Zion වල අලුත් සොයාගැනීම් කරන විද්‍යාඥයෙක්? Mercatoria වල සාර්ථක ව්‍යාපාරිකයෙක්? Capitol වල නායකයෙක්? ලේඛකයෙක්? රංගන ශිල්පියෙක්? නැත්නම් තමන්ගේ පරණ ෆ්ලැට් එකටත් ඉරිසියා හිතෙන තරම් ලස්සන දර්ශනයක් තියෙන ගෙදරක හිමිකරුවෙක්?

සමහරවිට ඔයාට ඕන ටිකක් අභිරහස් නමක් හදාගන්න වෙන්නත් පුළුවන්. කමක් නෑ. දැනට නම් මං විනිශ්චය කරන්නේ නෑ.

NOTY එකේදී ඔයා හදාගන්නේ ඔයාගේම citizen persona එක. ඒ කියන්නේ අපේ ශිෂ්ටාචාරයේ ජීවත් වෙන්න ඔයා තෝරගන්න අනන්‍යතාව.

නමක් තෝරගන්න. ප්‍රොෆයිල් එක හදාගන්න. තමන්ගේ වීසා එකට ගැළපෙන පදිංචි තැනක් තෝරගන්න. කැමති දේවල් හොයාගන්න. මෙහේ කරන වැඩවලින්, හමුවෙන මිනිස්සුන්ගෙන්, ගන්න තීරණවලින් තමන්ගේ නමක් හදාගන්න.

ඔයාගේ ඇත්ත අනන්‍යතාව අපි පෞද්ගලිකව තහවුරු කරනවා. අනිත් අයට ඔයා ගැන පෙන්නන්න ඕන මොනවද කියන එක වෙනම තීරණයක්.

අනිත් හැමෝම ඔයාගෙන් බලාපොරොත්තු වෙන කෙනාම මෙහේදී වෙන්න ඕන නෑ.

පෘථිවියේ ඔයා නිහඬව ගිණුම් හදන කෙනෙක් වෙන්න පුළුවන්. මෙහේදී සමාගමක් පාලනය කරන්න කැමතිද? කවදාවත් සෙනඟක් ඉස්සරහා කතා කරලා නැති වුණාට, තමන් හොඳ නගරාධිපති කෙනෙක් වේවි කියලා හිතෙනවද?

නැත්නම් සාමාන්‍ය ජීවිතේ හැමෝටම හොඳින් සලකන ඔයාට, අපේ ටිකක් අඳුරු කතාවක හරිම ආකර්ෂණීය, ඒත් කිසිසේත් විශ්වාස කරන්න බැරි චරිතයක් රඟපාන්න ආසද?අන්න ඒ අන්තිම එක නම් මටත් තේරෙනවා.

හැබැයි ඔයාට ඕන හොඳ යාළුවෝ ටිකක්, අලුත් ආරම්භයක්, කිසිවෙකුට තමන් ගැන පැහැදිලි කිරීම් නොදී නිදහසේ ඉන්න තැනක් විතරක් නම්? ඒකත් හරිම ලස්සන ජීවිතයක්.

මේක දැන් තියෙන ජීවිතේ අතහරින එකක් නෙවෙයි. පෘථිවියේ ඉඳගෙනම තවත් ජීවිතයක් අත්විඳින එක.

මෙහේ ඔයාට හමුවෙන්නේ කියන හැමදේම අහගෙන ඉන්න පරිගණක චරිත විතරක් නෙවෙයි. තමන්ගේම අදහස්, අරමුණු, ආසාවන්, සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් මෝඩ තීරණත් තියෙන මිනිස්සු. ඒ නිසා තමයි වැඩේ රසවත්.

විශේෂයෙන්ම හිතේ දේවල් පැටලෙන්න පටන්ගත්තම.


හිතට අල්ලන කෙනෙක් හමුවුණාද? එහෙනම් කොහේ හරි එක්ක යන්න.

දැන් ටිකක් ඩේටින් ගැන කතා කරමු. මොකද, මැසේජ් විස්සක් යවලා අන්තිමට 👍 එකක් ලැබෙන එක ආදරේ ඉහළම අවස්ථාවක් කියලා මං නම් හිතන්නේ නෑ.

හිතන්නකෝ, Circle එකකදී ඔයාට කෙනෙක් හමුවෙනවා. මුලින් පොඩි විහිළුවක්. දෙන්නම එකම සින්දු අහනවා කියලා දැනගන්නවා. ඊළඟ හවසත් කතා කරනවා. ටික දවසකින් නාඳුනන කෙනෙක්ට ලේසියෙන් නොකියන දේවලුත් කතා වෙනවා. ඒ කෙනාගෙන් මැසේජ් එකක් එනකල් බලන් ඉන්න තරමට කතාව දුර යනවා.

ඉතින් දවසක් ඔයා අහනවා:

“අපි දෙන්නා කොහේ හරි යමුද?”

මේ පාර ඒක මැසේජ් එකකට සීමා වෙන්නේ නෑ.

Rendezvous එකට එන්න.

දෙන්නටම කැමති තැනක් තෝරගන්න. Riverdale නගරයේ විදුලි ආලෝකයෙන් දිලිසෙන වීදි පේන, ඉටිපන්දම් දල්වපු අවන්හලක් වෙන්න පුළුවන්. තරු යට නිහඬ ටෙරස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් හිතුවෙවත් නැති පැත්තකට හැරෙන හවසක් ගත කරන්න පුළුවන්, ටිකක් වෙනස් තැනක්.

දෙන්නම එකම virtual අත්දැකීමට ඇතුළු වෙනවා. වටපිටාව එක්ක සම්බන්ධ වෙනවා. එකිනෙකාට ප්‍රතිචාර දෙනවා. තීරණ ගන්නේත් එකට. වෙන වෙනම චැට් බොක්ස් දෙකක් දිහා බලන් ඉන්නවා වෙනුවට, දෙන්නටම එකට ඉන්න තැනක් ලැබෙනවා.

අපි ඔයාලගේ කතාවට සම්බන්ධතාවක් විතරක් දෙන්නේ නෑ. ඒ කතාව ගත කරන්න තැනකුත් දෙනවා.

සමහරවිට ලස්සන රෑ කෑමක් වේවි. දෙන්නා හොඳටම ගැළපේවි. නැත්නම් යාළුවෝ විදිහට ඉන්න එක හොඳයි කියලා තේරේවි. එහෙමත් නැත්නම් එක්කෙනෙක් එච්චරම නරක විහිළුවක් කියයි, අනිත් කෙනාට එතැනට ආව තීරණේ ඉඳලා ජීවිතේ ඔක්කොම තීරණ ආයෙත් සලකා බලන්න හිතේවි.

ආදරේ කියන්නේ ඉතින් ප්‍රතිඵල කලින් කියන්නම බැරි, හරිම ලස්සන පරීක්ෂණයක්.

මැසේජ්, voice, video වලින් සම්බන්ධව ඉන්නත් පුළුවන්. ඒත් එකට බෙදාගන්න තැනකට එද්දී ඒ මොහොතට වෙනමම හැඟීමක්, පොඩි කතාවක්, සමහරවිට පස්සේ හිනාවෙවී මතක් කරන්න මතකයකුත් ලැබෙනවා.

මෙහේ flirt කරන්න, ආදරේ කරන්න, ආකර්ෂණය අත්විඳින්න, සතුටු වෙන්න, පෞද්ගලික වැඩිහිටි අත්දැකීම් බෙදාගන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒකට සම්බන්ධ හැම කෙනෙක්ම ඇත්තටම කැමති නම් විතරයි. කෙනෙක් ඔයාට තමන්ගේ හවසට ආරාධනා කරන එක ලස්සනයි. ඒ කෙනාගේ අවධානය ඔයාට අයිති දෙයක් කියලා හිතන එක නම් නෑ.

ආදර කතා ඔයාගේ දෙයක් නෙවෙයිද? කමක් නෑ. ලොකු සිහින තියෙන අයටත් මෙහෙ වැඩ තියෙනවා.


නගරේ නායකයාට වඩා හොඳට ඔයාට පුළුවන්ද? එහෙනම් පෙන්නන්න.

දවස තිස්සේ දේශපාලනඥයන්ට බණින අය ඔයා දැකලා තියෙනවා නේද? වැරදි තීරණ. කඩවුණු පොරොන්දු. දූෂණය. කතා වැඩියි, මොළේ පාවිච්චිය අඩුයි. ඒ හැමෝටම තමන් නම් ඔය වැඩේ මීට වඩා හොඳට කරනවා කියලා විශ්වාසයි. සමහරවිට ඔයාට ඇත්තටම පුළුවන් ඇති.

හිතන්න, ඔයා Capitol වල ජීවත් වෙනවා. නගර පාලනය ඔයාට අල්ලන්නෙම නැති තීරණයක් ගන්නවා. කේන්තියෙන් පෝස්ට් එකක් දාන්න පුළුවන්. “මේ නගරාධිපතිට මොළයක් නැද්ද?” කියලා යාළුවෝ එක්ක බනින්න පුළුවන්. රෑ වෙනකල් කමෙන්ට්වල වාද කරන්නත් පුළුවන්. ඒවාත් ඉතින් ගෞරවනීය විනෝදාංශ තමයි.

නැත්නම්...

ඔයාගේම දේශපාලන පක්ෂයක් පටන්ගන්න.

ඔයාගේ අදහස් විශ්වාස කරන අය හොයාගන්න. ආධාරකරුවෝ එකතු කරගන්න. ජන රැලි සංවිධානය කරන්න. පොරොන්දු දෙන්න. විරුද්ධවාදීන් එක්ක විවාද කරන්න. ඡන්ද ව්‍යාපාරයක් ගෙනියන්න. සුදුසුකම් තියෙනවා නම් ඡන්දෙට ඉදිරිපත් වෙන්න. ජනතාව ඔයාව තෝරගත්තොත්?

සුබ පැතුම්! දැන් පුටුව ඔයාගේ.

කලින් ඔයාට සහය දුන්න අයට දැන් ප්‍රතිඵල ඕන. විරුද්ධ වුණු අය හැම පියවරක්ම බලාගෙන ඉන්නවා. දේශපාලන ප්‍රතිවාදීන් ඔයාගේ දුර්වල තැන් හොයනවා. ඒ ලස්සන ඡන්ද පොරොන්දු? අනේ, මිනිස්සුන්ට ඒවා අමතක වෙන්නේම නෑනේ!

ප්‍රොෆයිල් එකට Mayor කියලා දැම්ම පමණින් නගරාධිපති වෙන්න බෑ. පක්ෂවලට, ඡන්දවලට, පත්වීම්වලට සහ වගකීම්වලට වෙන වෙනම නීති තියෙනවා. තනතුර උපයාගන්නත්, කරපු දේට වගකියන්නත් වෙනවා.

ඒත් හිතන්නකෝ. පොඩි අදහසකින් පටන් අරගෙන, ඇත්ත මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන, ඡන්දයකට මුහුණ දීලා, නගරයක් පාලනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. කමෙන්ට් එකක දේශපාලනය ගැන බනිනවට වඩා ටිකක් රසවත් නේද?

පැරදුණොත්? ඊළඟ ඡන්දෙ තියෙනවනේ. නැත්නම් තමන් හැර ලෝකේ ඉන්න හැමෝටම දොස් කියන්න පුළුවන්. අතිපැරණි දේශපාලන සම්ප්‍රදායක්, මට ඇහුණු විදිහට.

හැබැයි ඔයාට ගෞරවනීය දේශපාලනඥයෙක් වෙන්න උවමනාවක් නැති වෙන්නත් පුළුවන්. සමහරවිට ඔයාට ආස තිරය පිටිපස්සේ වැඩ කරන අය එක්ක ගැවසෙන්න.

ආ... ඔයා එනකල් තමයි මං බලන් හිටියේ.


එහෙම නැත්නම් කතාවේ නරකයා වෙන්නද ආස?

අයියෝ, හැමෝම වීරයා වෙන්නම ඕන නෑනේ. සමහර අය නියම දුෂ්ට චරිතවලට හොඳට ගැළපෙනවා. අන්තර්ජාලේ නාඳුනන මිනිස්සුන්ට ගරුසරුවක් නැතුව කතා කරන එක නෙවෙයි මං කියන්නේ. ඒක දුෂ්ටකමක් නෙවෙයි. අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙන අශිෂ්ටකම විතරයි.

මං කියන්නේ අපේ අඳුරු කතා රසවත් කරන, බුද්ධිමත්, ආකර්ෂණීය, ටිකක් භයානක චරිත ගැන.

හිතන්නකෝ, අන්ඩර් වර්ල්ඩ් නමක් හදාගන්නවා. සන්ධාන ගොඩනගනවා. ප්‍රතිවාදීන් ඇතිකරගන්නවා. රහසිගත සංවිධානයක බලවත් චරිතයක් වෙනවා. සමහරවිට ඔයා අතිශය පිළිවෙළට ඇඳපු සූට් එකක්, සුපිරි ඔෆිස් එකක්, ඒ වගේම සැක හිතෙන තරම් ත්‍යාගශීලී පුණ්‍යාධාර පදනමක් තියෙන මාෆියා නායකයෙක්.

නැත්නම් කාටවත් සැක නොහිතෙන ගෞරවනීය කෙනෙක් වගේ ඉඳලා, බලවත් House එකක් වැටෙන්න සැලසුම් කරන කෙනෙක්.

කාටවත් ඔයාව සැක නෑ. ඒකම තමයි ඔයාව තවත් සැක හිතෙන කෙනෙක් කරන්නේ.

අපේ අන්ඩර් වර්ල්ඩ් චරිත, කණ්ඩායම් සහ කතා ඔයාට අපරාධ තේමා ඇති භූමිකා, ප්‍රතිවාදිකම් සහ අනුමත කතා අත්දැකීම් විඳින්න ඉඩ දෙනවා. පැත්තක් තෝරගන්න. සම්බන්ධතා ගොඩනගන්න. කුතුහලය ඔයාව කොහේ ගෙනියනවද බලන්න.

එක දෙයක් මතක තියාගන්න. කතාවේ දුෂ්ටකම් කතාවට විතරයි. ඇත්ත තර්ජන, බලහත්කාරකම් සහ අපරාධ අපේ විනෝදාස්වාදයේ කොටසක් නෙවෙයි. කවුරුත් ඇත්තටම බය නොකර, කතාවක හොඳ නමක්... හෝ නරක නමක්... හදාගන්න පුළුවන්.

අනිත් එක, ශිෂ්ටාචාරයක භයානකම කෙනා හැම වෙලාවෙම “අපරාධකාරයා” කියලා ප්‍රසිද්ධ කෙනා නෙවෙයි. සමහරවිට ඒ කෙනා ඉතාම මිල අධික සූට් එකක් ඇඳගෙන, මුදල් අංශය පාලනය කරනවා ඇති.

මුදල් ගැන මතක් වුණ එකේ...


රස්සාවක් කරන්න. බිස්නස් එකක් පටන්ගන්න. තමන්ගේම දෙයක් ගොඩනගන්න.

බලයයි දේශපාලන නාටකයි ඔයාට මහන්සි නම්? සමහරවිට ඔයාට ඕන හොඳට රස්සාවක් කරලා හම්බ කරන්න, තමන්ගේම දෙයක් පටන්ගන්න, ඔළුවට ආපු හොඳ අදහසක් කොච්චර දුර යන්න පුළුවන්ද බලන්න.

ඒකත් හරි. දේශපාලනඥයෝ ඔක්කොම වැඩේට ලකුණු ගන්නේ කවුද කියලා රණ්ඩු වෙන අතරේ, කවුරුහරි මේ ශිෂ්ටාචාරේ වැඩ ටික කරන්නත් එපැයි.

හිතන්නකෝ, ඔයා Mercatoria වලට එනවා. ලොකු තනතුරක් නෑ. බැංකු ගිණුමත් එච්චර ලොකු නෑ. ඒත් තවත් පුරවැසියෙක් එක්ක හෝ ව්‍යාපාරයක් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. සමහරවිට ඉවෙන්ට් එකක් සංවිධානය කරනවා. නිර්මාණයක් කරනවා. සේවාවක් සපයනවා. නැත්නම් තමන්ගේ හැකියාවට ගැළපෙන රස්සාවක් හොයාගන්නවා.

වැඩේ කරනවා. NOTY Coins උපයාගන්නවා. අත්දැකීම් ගන්නවා. අලුත් සම්බන්ධතා හදාගන්නවා. මෙහේ මිනිස්සුන්ට ඇත්තටම ඕන මොනවද කියලා තේරුම්ගන්නවා.

ඊට පස්සේ හවසක යාළුවෙක් එක්ක කතා කර කර ඉද්දී ඔළුවට අදහසක් එනවා. මං ඇයි හැමදාම වෙන කෙනෙක්ගේ බිස්නස් එක දියුණු කරන්නේ? මගේම එකක් පටන්ගන්න බැරිද?

භයානක ප්‍රශ්නයක්. ලෝකේ සමාගම් කීයක් නම් ඔය ප්‍රශ්නෙන් පටන්ගෙන ඇද්ද!

ඔයාගේ අදහස වැඩිදියුණු කරගන්න. බිස්නස් එකට තැනක් හොයාගන්න. විකුණන්නේ මොනවද, වියදම කීයද, ගන්නේ කවුද කියලා හොයන්න. පාරිභෝගිකයෝ හමුවෙන්න. හවුල්කරුවෝ එකතු කරගන්න. ඕන දේවල් සපයාගන්න. පළවෙනි විකිණීම කරන්න.

සමහරවිට ඒක ඔයා ආසාවෙන් පවත්වාගෙන යන පුංචි බිස්නස් එකක් වේවි. සමහරවිට ලොකු සමාගමක් වෙනකල් දියුණු වේවි. නැත්නම් බොස් කෙනෙක් වෙන්න එක අර ඉන්ස්පිරේෂන් වීඩියෝවල පෙන්නනවාට වඩා බිල්, පැමිණිලි, නින්ද නැති රෑවල් තියෙන වැඩක් කියලා තේරේවි.

කොහොම වුණත් ප්‍රොෆයිල් එකට CEO කියලා දාගෙන රඟපානවා විතරක් නෙවෙයි. ඔයා මෙහේ ආර්ථිකයට ඇත්තටම සහභාගී වෙනවා.

බිස්නස් අදහස තියෙනවා. ප්‍රාග්ධනය මදිද?

ඔයාගේ ව්‍යාපාර යෝජනාව NOTY බැංකු පද්ධතියට ඉදිරිපත් කරලා ව්‍යාපාර ණයක් ඉල්ලන්න පුළුවන්. බැංකුව සුදුසුකම් තියෙන ව්‍යාපාර, අයදුම්පත් සහ යෝජිත කොන්දේසි සලකා බලනවා. අනුමත වුණොත්, ඔයා එකඟ වෙන ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ව්‍යාපාරය දියුණු කරන්න මුදල් යොදවන්න පුළුවන්.

ණයක් කියන්නේ තෑග්ගක් නෙවෙයි. ඉල්ලුවා කියලා අනුමත වෙන්නෙත් නෑ. ලස්සනට හිනාවුණා කියලා ඒක මූල්‍ය වාර්තාවක් වෙන්නෙත් නෑ.

හැබැයි හිනාවෙලා බලන්න නම් පුළුවන්. බැංකුවේ අයටත් පොඩි විනෝදයක් ඕනනේ.

වෙන කෙනෙක්ට වැඩ කරන්න. තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න. හවුල්කාරයෝ හොයාගන්න. හොඳ නමක් හදාගන්න. සමහරවිට දවසක ලොකු පිරිසකට රැකියා දෙන කෙනෙක් වෙන්න. මෙහේ ජීවිතයක් ගොඩනගන්න පාරවල් ගොඩක් තියෙනවා. පටන්ගන්න පරම්පරාවෙන් උරුමවුණු කෝටි ගණනක් ඕන නෑ.

ඒත් දැන් ඔයාගේ හිතේ ප්‍රශ්නයක් ඇති.


පොඩ්ඩක් ඉන්න. NOTY Coins ගන්න පෘථිවියේ සල්ලි ගෙවන්න ඕනද?

හොඳ ප්‍රශ්නයක්.

නෑ. NOTY Coins එක්ක මෙහේ ජීවිතේ පටන්ගන්න ඔයාගේ පෘථිවියේ සල්ලි වියදම් කරන්නම ඕන නෑ.

බලන්නකෝ, අපේ ශිෂ්ටාචාරේ ඉන්න හැමෝම හුස්ම ගන්න වාතයටත් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගහන්න බලාගෙන ඉන්න කෝටිපතියෝ නෙවෙයි.

පෘථිවියෙන් එන අලුත් අයටත් අවස්ථාවක් ලැබෙන්න ඕන කියලා හිතන හොඳ Notyansලා අපි ළඟ ඉන්නවා. ඔයාලට මෙහේ ජීවිතේ පටන්ගන්න උදව් කරන්න ඒ අය දැනටමත් මුදල් යොදවලා තියෙනවා. ඒ අරමුදල්වලින් සුදුසුකම් ලබන අලුත් පුරවැසියන්ට ආරම්භක NOTY Coins ඇතුළු පිළිගැනීමේ අවස්ථා ලබාදෙන්න පුළුවන්.

ඒ වගේම මෙහේ සුදුසුකම් තියෙන රස්සාවක් කරලා, සේවාවක් සපයලා, බිස්නස් එකක් කරලා Coins උපයාගන්නත් පුළුවන්. ඒ නිසා පටන්ගන්නකොටම පෘථිවියේ බැංකු කාඩ් එක අදින්න ඕන නෑ.

NOTY Coins පාවිච්චි වෙන්නේ අපේ ආර්ථිකය ඇතුළේ අනුමත ගනුදෙනු, වැඩ සහ අත්දැකීම් සඳහා. ඒවා පෘථිවියේ බැංකු ගිණුමකට අරගෙන ගිහින් මුදල් කරගන්න පුළුවන් සල්ලි නෙවෙයි.

ඔව්, තවත් නගර, අත්දැකීම් සහ විශේෂ ප්‍රවේශයන් කැමති අයට මුදල් ගෙවන වීසා විකල්ප තියෙනවා. හැබැයි ඒවා සම්පූර්ණයෙන්ම ඔයාගේ කැමැත්ත. නොමිලේ Explorer වීසා එකෙන් පටන්ගන්න පුළුවන්. Nexus සහ Lumora වීසාවලට ඒ ඒ කොන්දේසි යටතේ වෙනස් ප්‍රවේශයන් තියෙනවා.

වැඩිපුර මුදල් ගෙවනවද කියන එක ඔයාගේ තේරීමක්. කුතුහලයෙන් මෙහේ එන්න ඒක අනිවාර්ය ගාස්තුවක් නෙවෙයි.

ඇත්ත, හැම වීසා එකකටම හැම නගරයක්, හැම Circle එකක්, හැම පෞද්ගලික අත්දැකීමක්ම ඇතුළත් වෙන්නේ නෑ. තෝරගන්න කලින් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්.

ඒත් ඔයාට ඕන මෙහේ ඇවිත් වටපිට බලන්න, තමන්ගේ මිනිස්සු හොයාගන්න, මේ ජීවිතේ තමන්ට ගැළපෙනවද කියලා බලන්න විතරක් නම්? ඒකට ඔයාගේ හිතේ තියෙන හීනවලට premium subscription එකක් ගන්න ඕන නෑ.

හරි, මුලින්ම ලැබෙන Coins ටික කොහේ වියදම් කරමුද? ඊට කලින් ඉන්න තැනක් හොයාගන්න එක නරක නැහැ නේද?


නගර විසිඑකක්. එකක හරි ඔයාගේ නම ලියවිලා ඇති.

අපිට ඕන නම් ලොකු චැට් රූම් එකක් හදලා ඒකට Universe කියලා නම දාන්න තිබුණා. හැබැයි අපේ තාක්ෂණය ඒකට පාවිච්චි කළා නම් ටිකක් ලැජ්ජයිනේ.

ඒ වෙනුවට ඔයාට සොයාබලන්න නගර විසිඑකක් තියෙනවා. අපේ දිස්ත්‍රික්ක හතරේ නගර පහ බැගින්, ඒවට අමතරව මැද තියෙන ස්වාධීන නගරය TomoroLand.

Nova වල දවස ගෙවෙන්නේ විද්‍යාව, තාක්ෂණය, නව නිපැයුම් සහ නිකම් ඉන්න බැරි කුතුහලය එක්ක.

Oracle වල දර්ශනය, විශ්වාස, ආගම, සංස්කෘතිය සහ සමහරු ජීවිත කාලෙම අහන්න බය ප්‍රශ්නවලටත් තැනක් තියෙනවා.

Terra වල බිස්නස්, සල්ලි, දේශපාලනය සහ බලය අතහැරලා නොයන්න මිනිස්සු කරන නොයෙක් වැඩ ගැන හොඳට දන්නවා.

ඒත් Yara? ආ... Yara වල හවසක් ගත කරන්නේ කොහොමද කියලා දන්න අය ඉන්නවා.

යාළුකම්. ආදරේ. රාත්‍රී ජීවිතේ. ආසාවන්. හරිම ආකර්ෂණීය, ඒ වගේම ටිකක් සංකීර්ණ අදහස් තියෙන මිනිස්සු. වැඩිහිටියෝ හැම වෙලාවෙම හරිම සංවරයි කියලා රඟපාන එක නවත්තපු ගමන් පටන්ගන්න ලස්සන කරදර.

හැම දිස්ත්‍රික්කයක් ඇතුළෙම නගරවලට වෙන වෙනම පෞරුෂයක් තියෙනවා. ඒ නගරවල neighbourhoods තියෙනවා. පදිංචි වෙන්න, මිනිස්සු හමුවෙන්න, තමන්ගේම තැනක් හදාගන්න. තමන්ට ගැළපෙන තැනක් තෝරගන්න. ගෙදර තමන්ට කැමති විදිහට සකස් කරගන්න. Smart Home සහ companion අත්දැකීම් සොයාබලන්න. අවට මොනවද වෙන්නේ කියලා දැනගන්න.

සමහරවිට දවල්ට Nova වල අලුත් තාක්ෂණයක් ගැන කතා කරනවා. හවස Oracle වල යාළුවෝ හමුවෙනවා. “අද ඉක්මනට නිදාගන්නවා” කියලා හිතපු ඔයා, රෑ ගොඩක් වෙලා Yara වල ඉන්නවා. විනිශ්චයක් නෑ. හරි හරි, පොඩ්ඩක් තියෙනවා.

ගෙදර කියන්නේ ලිපිනයක් විතරක් නෙවෙයි. මෙහේ ජීවිතේ ඔයාගේම දෙයක් වගේ දැනෙන්න පටන්ගන්න තැන. ආයෙත් එන්න හිතෙන්නේ ඒ තැන නිසා විතරක් නෙවෙයි. එතැන හමුවෙන මිනිස්සු නිසා.


තමන්ගේ මිනිස්සු හොයාගන්න. ටිකක් අමුතු අය වුණත් කමක් නෑ.

මහන්සිම දේ මොකක්ද දන්නවද? හැම වෙලාවෙම රඟපාන්න වෙන මිනිස්සු අතරේ ඉන්න එක.

ආස නැති දේකට ආසයි වගේ ඉන්නවා. එකඟ නැති දේකට එකඟයි වගේ ඉන්නවා. කතාව අහගෙන ඉන්න බැරි තරම් කම්මැලි වුණත් හරිම උනන්දුවෙන් ඉන්නවා වගේ පෙන්නනවා. අනේ, ඕන නෑ.

NOTY වල Circles කියන්නේ එකම ආසාවන් තියෙන මිනිස්සු එකතු වෙන ප්‍රජාවන්. විද්‍යාව, සංගීතය, පොත්, fitness, photography, බිස්නස්, gaming, කලාව... නැත්නම් ඔයා ඒකට මෙච්චර ආස ඇයි කියලා පෘථිවියේ කාටවත් තේරෙන්නේ නැති අමුතුම විනෝදාංශයක්.

තමන්ට ගැළපෙන Circle එකක් හොයාගන්න. කතාවට එකතු වෙන්න. එකිනෙකාගේ කැමැත්තෙන් යාළුකම් ගොඩනගන්න. ඉවෙන්ට්වලට සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට යන්න. ඔයාට වැදගත් දේවල් ගැන ඇත්තටම කතා කරන්න කැමති මිනිස්සු හමුවෙන්න.

සමහරවිට ඊළඟ බිස්නස් හවුල්කාරයා හමුවේවි. හොඳම යාළුවෙක්. දේශපාලන ප්‍රතිවාදියෙක්. නැත්නම් ඔයාගේ හදවත හරියට programme කරලා නැති මැෂින් එකක් වගේ හැසිරෙන්න පටන්ගන්න කෙනෙක්. කවුද කියලා මට කලින් කියන්න බෑ. ඒකනේ වැඩේ රස.


ඔව්. මේක වැඩිහිටියන්ගේ ලෝකයක්.

ආදරේ. ලිංගිකත්වය. දේශපාලනය. ආගම. අභිලාෂය. සල්ලි. දර්ශනය. ආසාවන්. කැමති මාතෘකාවක් තෝරගන්න. මෙහේ කාටහරි ඒ ගැන ලොකු මතයක් තියෙනවා. බොහෝවිට තුන්දෙනෙක්ටම වෙන වෙනම මත තුනක්.

වැඩිහිටියෝ ඔය දේවල් නැති වගේ රඟපාන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. නිදහසේ කතා කරන්න. වෙනස් ජීවන රටාවන් හඳුනාගන්න. වෙනස් විශ්වාස තියෙන අය හමුවෙන්න. flirt කරන්න. ඩේට් එකකට යන්න. දෙන්නාම කැමති නම් අපේ ශිෂ්ටාචාරයේ වඩාත් පෞද්ගලික පැතිත් අත්විඳින්න.

සමහරුන්ට ත්‍රාසජනක අත්දැකීම් ඕන. සමහරුන්ට ආදරේ. තවත් අයට ඕන කිට්ටු යාළුවෝ කීපදෙනෙක්, නිදහසේ ඉන්න ගෙයක්, Capitol වල අලුත්ම දේශපාලන නාඩගමට කිසිම සම්බන්ධයක් නැති ජීවිතයක්.

ඔය හැම තේරීමක්ම ගරු කරන්න වටිනවා.

හැබැයි හැම persona එකක් පිටිපස්සෙම තමන්ගේම සීමාවන් තියෙන කෙනෙක් ඉන්නවා. නිදහස කියන්නේ ඒ සීමාවන් නොසලකා ඉන්න අයිතියක් නෙවෙයි. හොඳින් ඇහුවා කියලා කාගේවත් ආදරේ, අවධානය හෝ පෞද්ගලික ජීවිතයට ඇතුළු වෙන්න අයිතියක් ලැබෙන්නේ නෑ.

හැමෝටම නිදහස තියෙනකොට තමයි ඒක ඇත්තටම විඳින්න පුළුවන්.

අනිත් එක, වෙන වෙනම හීන, ආසාවන්, මත තියෙන වැඩිහිටියෝ පිරුණු ශිෂ්ටාචාරයක අමුතුවෙන් නාඩගම් හදන්න ඕන නෑ. මාව විශ්වාස කරන්න. ඇති තරම් නාඩගම් ඉබේම ඇතිවෙනවා.


අපේ ඉතිහාසෙත් රසවත්. ඔයාගේ කතාව ඊටත් රසවත් වෙන්න පුළුවන්.

History of Existence කියවලා තියෙනවා නම්, අපේ අතීතේ එච්චර නිහඬ එකක් නෙවෙයි කියලා ඔයා දන්නවා. නිර්මාපකයෝ. තහනම් පරීක්ෂණ. විශ්මයජනක සොයාගැනීම්. බලවත් පවුල්. කැරලි. හිතාගන්න බැරි ප්‍රතිලාභ තියෙන, ඊටත් වඩා හිතාගන්න බැරි බිල් එවන දිගු ආයුෂ ප්‍රතිකාර. තවත්, Vale Foundation එකේ අය අපි කතා නොකර හිටියොත් කැමති වෙන තීරණ කීපයක්. ඒ කතා කියවන්න. චරිත හඳුනාගන්න. NOTY Network එකෙන් අලුත්ම පුවත් අහන්න.

හැබැයි හැමදාම අනුන්ගේ කතා කියවන්න විතරක් ඇයි?

අනුමත story සහ character අත්දැකීම් හරහා ඔයාටත් අවට සිද්ධ වෙන දේවලට සම්බන්ධ වෙන්න පුළුවන්. නමක් හදාගන්න. සන්ධාන ගොඩනගන්න. ප්‍රතිවාදියෙක් හදාගන්න. භූමිකාවක් අරගෙන, ඔයාගේ තීරණ ඒ අත්දැකීමට සම්බන්ධ අනිත් අයට බලපාන්නේ කොහොමද බලන්න.

සමහරවිට ඔයා විද්‍යාඥයෙක් විදිහට මතක හිටීවි. හොඳ ප්‍රජා නායකයෙක් විදිහට. නගරයක් වෙනස් කරන්න උදව් කරපු කෙනෙක් විදිහට. නැත්නම් පාටියකදී ගත්ත අති විශිෂ්ට මෝඩ තීරණයක් නිසා.

ඇත්ත කියන්නම්. දෙවැනි එකත් බලන්න හරිම රසයි. හැබැයි අනුමැතියක් නැතුව මුළු Vale අධිරාජ්‍යයේම නියම උරුමක්කාරයා ඔයා කියලා ප්‍රකාශ කරන්න නම් එපා. අපිට දැනටමත් පොත් කීපයක් පුරවන්න තරම් පවුල් ප්‍රශ්න තියෙනවා.


එහෙනම්, ඔයාගේ අනිත් ජීවිතේ මොනවද කරන්නේ?

හිතන්නකෝ, පෘථිවියේ සිකුරාදා හවසක්. රස්සාව ඉවරයි. රෑ කෑමත් කාලා. හැමදාම අරින ඇප් ටික ආයෙත් ඔයාගේ වෙලාවෙන් පැයක් ඉල්ලගෙන බලාගෙන ඉන්නවා.

ඔයාට ස්ක්‍රෝල් කරන්න පුළුවන්. නැත්නම් NOTY වලට දොර අරින්න පුළුවන්.

සමහරවිට අද රෑ Rendezvous එකක් තියෙනවා. ඔයා හමුවෙන්න කැමති කෙනා දැනටමත් ලස්සන තැනක බලාගෙන ඉන්නවා.

නැත්නම් අද ඔයාගේ පළවෙනි දේශපාලන රැලිය. ආධාරකරුවෝ උද්යෝගයෙන්. විරුද්ධවාදියාට හොඳටම කේන්ති ගිහින්. තව ඔයාට හදිසියේම තේරෙනවා, මිල අධික පොරොන්දු නොදී කතාවක් පවත්වන එක කොච්චර අමාරුද කියලා.

සමහරවිට රස්සාවකට යනවා. අලුතෙන් පටන්ගත්ත බිස්නස් එකේ පාරිභෝගිකයෙක් හමුවෙනවා. නැත්නම් සමාගම දියුණු කරන්න උදව්වෙන බැංකු ණය අයදුම්පතක් ලෑස්ති කරනවා.

යාළුවෝ Circle ඉවෙන්ට් එකකට කතා කරලා ඇති. නැත්නම් ඔයාගේම ගෙදර සුවපහසුවෙන් ඉඳගෙන, ඔයාව හොඳටම තේරෙන කෙනෙක් එක්ක කතා කරනවා ඇති.

අන්ඩර් වර්ල්ඩ් කතාවකටත් යන්න තියෙනවද? එහෙනම් පරක්කු වෙන්න එපා. ඒ චරිත තමන්ට ගරු කරනවද කියන එක ගැන හරිම සංවේදීයි.

එකම ඔයා. එකම සිකුරාදා හවස. ඒත් අත්විඳින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක්.

ඔයාට ප්‍රසිද්ධ වෙන්න ඕන නෑ. කෝටිපතියෙක් වෙන්න ඕන නෑ. වෙන කෙනෙක් වෙන්නම ඕනත් නෑ. සමහරවිට ඔයා තුළ තිබුණත් මෙච්චර කල් ඉඩක් නොලැබුණු පැත්තක් හොයාගන්න විතරයි ඕන. පෘථිවියේ ඉන්න ඔයාලට අපි දෙන්නේ ඒ අවස්ථාව. අපේ ලෝකයට ඇතුළු වෙන්න. මෙහේ තමන්ගේම ජීවිතයක් ගොඩනගන්න. ඒක බෙදාගන්න මිනිස්සු හමුවෙන්න.

පටන්ගන්න NOTY Coins වෙනුවෙන් පෘථිවියේ සල්ලි වියදම් කරන්න ඕන නෑ. දවසක තවත් ප්‍රවේශයන් ඕන කියලා හිතුණොත්, ඒ තීරණෙත් ඔයාගේමයි. එහෙනම් ඔයාගේ හිත ඇදෙන නගරයක් හොයාගන්න. මෙහේ කවුරු වෙන්නද කැමති කියලා හිතන්න. Citizenship & Visas ගැන බලලා ඔයාගේ කතාව පටන්ගන්න විදිහ තෝරගන්න.

ඔයාගේ අනන්‍යතාව. ඔයාගේ පරිකල්පනය. ඔයාගේ කතාව. හිතේ ඉන්න කෙනා වෙන්න බය වෙන්න එපා.

හරි, එන්නකෝ. ඔයාගේ අනිත් ජීවිතේ තනියම ඇවිත් ඔයාව හොයාගන්නේ නෑනේ.

ඔයාට හරිම රසවත් මිනිස්සු කීපදෙනෙක් හමුවේවි කියලා මට හිතෙනවා. සමහරවිට හමුවෙන්න නොතිබුණා නම් හොඳයි කියලා පස්සේ හිතෙන කීපදෙනෙකුත්. ඒක ඔයාම හොයාගන්න.

NOTY Universe එකට සාදරයෙන් පිළිගන්නවා.

Built for Free Thinkers.

[ ඊළගට: නගර විසිඑකක්. ඔයාට හරියන තැන කොහේද?]

වීසා එකට අයදුම් කරන්න

ඔන්න... නෝටි යුනිවර්ස් එකට යන ගමන්!

දර්ශන ස්තර සූදානම් 0 / 2

පෘථිවියේ සම්බන්ධතාව හඳුනාගත්තා!