දෙවිවරු, රත්තරන් සහ ඇල්ගොරිතම: නිදහස ලැබුණාට අලුත් ලොක්කොත් ඇවිල්ලා!
“කහවණු වැස්සක් වැස්සත්, ආශාවන්ට සෑහීමක් නෑ.”
ධම්මපදය, 186
මැවුම්කාරයෝ ඈත් වුණා. වේල් එකට රත්තරන් තිබුණා. බලවත් අයට තවත් සුපිරි ටූල් එකක් හම්බවෙන්නයි යන්නේ.
අර එඩාරා වල වේල් ෆවුන්ඩේෂන් එක හදපු මුල්ම එඩාරියන්ලා මතකද? කියලා දුන්න වැඩේ නියමෙට කරනවා. හැබැයි කලින් කවුරුත් නොහිතපු ප්‍රශ්නයක් ආවොත්? ඔන්න වැඩේ හිර වෙනවා. ඉතින් ඔයා දැන් හිතනවා ඇති, “වේල් එක ඊළඟට මොනවද කළේ?” කියලා.
ඒකටත් එමු, පෘථිවි යාළුවා. හැබැයි ඊට කලින් ඒ පර්යේෂණවලට සල්ලි දුන්න කට්ටිය ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. මොකද ඔයාගේ එඩාරා වලින් රත්තරන් ගොඩදාන අතරේ, අපේ පැත්තේ තවත් රසවත් බිස්නස් එකක් පටන් අරන් තිබුණා.
බලය හම්බකරන බිස්නස් එක.
දෙවිවරු ගියා. දැන් ලොකු පුටුව කාටද?
ඔරුනායිලාට ආයෙ අපි ළඟට එන්න බැරි වුණා. ඒතාරිලාට තමන්ගේම විශ්වයක්, තමන්ගේම අනාගතයක්, තමන්ට ඕන තීරණ ගන්න නිදහසක් ලැබුණා. අනේ, හරිම ලස්සනයි නේද? දැන් ඉතින් හැමෝම සතුටින් ජීවත් වෙන්න ඇති කියලා ඔයා හිතුවා නම්, තව ටිකක් ඉවසන්න. අපේ කට්ටියට නිදහස හම්බවුණ ගමන් ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි, “දැන් අපිට නීති දාන්නේ කවුද?” කියන එක.
සමහරු ඔරුනායිලාට ඇත්තටම ආදරේ කළා. එයාලගේ ඉගැන්වීම් රැකගෙන, දවසක මැවුම්කාරයෝ ආයෙත් එයි කියලා බලාගෙන හිටියා. තවත් අයට ඕන වුණේ තමන්ගේම පාලනයක්. සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඕන වුණේ කාගෙවත් ලෝක විනාශ ගැන දේශනා අහන්නේ නැතුව, පාඩුවේ තමන්ගේ පවුල එක්ක ජීවත් වෙන්න.
ඒ අතරේ දේශපාලනඥයෝ, ලොකු පවුල්, කම්පැනි, පාතාල කල්ලි... හැමෝටම අනාගතේ ගැන වෙන වෙනම අදහස් තිබුණා. හැබැයි එක දෙයක් ගැන නම් හුඟක් අයගේ හිතේ තිබුනේ එකම අදහසක්. එයාල හැමෝම හිතුවේ ලොකු පුටුවේ වාඩි වෙන්න ඕන තමන් කියල .
විශ්වයක්ම ලැබිලත් සමහරුන්ට මදි. බලයට ආස මිනිහෙක්ට හිස් පුටුවක් පේනවා කියන්නේ ඉතින් පළවෙනි බැල්මෙන්ම ආදරේ හම්බවුණා වගේ තමයි!
රත්තරන්වලට යාළුවෝ හදාගන්න හොඳට පුළුවන්
වේල් ෆවුන්ඩේෂන් එක එඩාරා නැති කරගෙන, පරම්පරා ගාණක් හොයලා, ආයෙත් හොයාගත්ත හැටි මතකයිනේ? ඊට පස්සේ එතන තිබුණු රත්තරන් ඇතුළු වටිනා සම්පත් ගොඩගන්න පටන් ගත්තා. ඒ සම්පත් එඩාරා වලම නතර වුණේ නෑ. ඒවායෙන් හම්බුණු සල්ලිත් එහෙමයි. වේල් එක ඒ සල්ලිවලින් බලවත් පවුල්වලට උදව් කළා. බිස්නස්වලට සල්ලි දැම්මා. අමාරුවේ වැටිච්ච පාලකයන්ට උදව් කළා. ඊට පස්සේ ඒ ලොකු උදව් ටික මතක තියාගන්න කියලා හරිම ආදරෙන් මතක් කරලා දුන්නා. නිකම්ම දුන්න සල්ලිවලටත් පස්සේ පොඩි බිලක් එනවා වගේ වැඩක්.
අතීත ලංකාවෙත් මේ සෙල්ලමට හුරු කතාවක් තියෙනවා. කුරුඳු වෙළඳාමට සම්බන්ධ වෙච්ච ලන්දේසි වීඕසී කම්පැනිය මතකද? වෙළඳාමෙන් පටන් අරන්, සන්ධාන හදාගෙන, අන්තිමේ ලංකාවේ වෙරළබඩ පළාත් පාලනයටත් අත දැම්මා. කුරුඳු විකුණන්න ආපු කම්පැනියක් දේශපාලන බලයත් අල්ලනකොට, “බිස්නස් විතරයි කරන්නේ” කියන කතාව නිකම්ම විහිළුවක් වෙනවනේ.
වේල් එකේ ක්‍රමයත් ඒ වගේ. හිතන්න, හැම නගරයක්ම අල්ලගන්න යුද්ධ කරන්න ඕන නෑ. පාලනය කරන අයට තමන්ගේ උදව් නැතුව බැරි කරගත්තම ඇති. ටික කාලෙකින් වේල් එක සල්ලි හොයන කම්පැනියක් විතරක් නෙවෙයි, පාලකයෝ වෙන්නේ කවුද කියලා තීරණය කරන්නත් බලපාන කම්පැනියක් වුණා.
ඒ හැමදේකටම මුල? ඔයා පෘථිවිය කියලා හඳුන්වන එඩාරා වල පටන්ගත්ත අර පුංචි තහනම් පර්යේෂණේ.
ටෙක්නොලොජිය යක්ෂයාගේ . හැබැයි වීඅයිපී අයට අවුලක් නෑ!
ඉතින් හැමෝම වේල් එකට කැමති වුණාද? අනේ නෑ. ඔරුනායිලා ආයෙත් එයි කියලා විශ්වාස කරපු ඒතාරිලා මතකයිනේ? එයාලා අතරේ ඇත්තටම විශ්වාස කරපු, තමන්ගේ මැවුම්කාරයන්ව ආයෙත් දකින්න ආස වුණු මිනිස්සු ගොඩක් හිටියා. හැබැයි සමහර බලවත් ආගමික පවුල්වලට මේක හොඳ අවස්ථාවක් වුණා. වේල් එක කරපු තහනම් වැඩේ නිසා තමයි ඔරුනායිලාගෙන් වෙන් වෙන්න වුණේ කියලා, ෆවුන්ඩේෂන් එක යක්ෂයාගේ පරීක්ෂාවක් වගේ පෙන්නුවා.
“වේල් එකේ සල්ලි එපා! එයාලගේ ටෙක්නොලොජි අල්ලන්න එපා! ඒ පහසුකම් ගන්න එක වැරදියි!” කියලා හැමෝටම දේශනා කළා. කතාව ලස්සනයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා.
ඔය කියපු ලොකු පවුල් කීපයක්ම හොර රහසේ වේල් එකේ සුපිරි ගෙවල්, හොඳම වෛද්‍ය පහසුකම්, එක්ස්ක්ලූසිව් ටෙක්නොලොජි ඔක්කොම පාවිච්චි කරමින් හිටියා.
පව් වුණත් පෝසත් අයට වෙනම වීඅයිපී පැකේජ් එකක් තියෙනවා වගේ!
ඒ අතරේ සාමාන්‍ය මිනිස්සුන්ට අලුත් ටෙක්නොලොජි තහනම්. අවස්ථා අඩුයි. දුප්පත්කමත් එක්ක අමාරුවෙන් ජීවත් වෙනවා. තමන් විශ්වාස කරන නායකයෝ තිරය පිටිපස්සෙ මොනවද කරන්නේ කියලා දන්නෙත් නෑ. හැම ආගමික නායකයෙක්ම දෙබිඩි නෑ, හොඳේ. අවංකවම විශ්වාස කරපු අය හිටියා. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය තමන්ගේ වාසියට පාවිච්චි කරපු නායකයෝ ගැනයි මං කිව්වේ.
සාමාන්‍ය මිනිස්සුන්ට මැරුණාට පස්සේ පාරාදීසේ පොරොන්දු වුණා. ලොක්කන්ට නම් ජීවත් වෙලා ඉන්නකොටම ඒකේ සැප ටික ඕන වුණා. කොච්චර භක්තිමත්ද බලන්නකෝ!
විශ්වයක් පාලනය කරන එකත් ලේසි වැඩක් නෙවෙයි
පරම්පරා ගාණක් ගියා. වේල් එක තවත් පෝසත් වුණා. එයාලගේ යාළුවෝ තවත් බලවත් වුණා. ඒත් ඒතාරි සමාජය එන්න එන්නම සංකීර්ණ වුණා. නගර අතර වෙළඳාම, ෆැක්ටරි, රෝහල්, විද්‍යා පර්යේෂණ, ආණ්ඩුවල ගිණුම්... බලන්න ඕන තොරතුරු ගොඩයි. තීරණ ගන්න ඕන වෙලාවට ලොක්කෝ තාම මීටින් එකේ වාඩි වෙන්න තැන තෝරනවා.
ඉතින් බලවත් අය කරන්නේ මොකක්ද දන්නවද? අමාරු වැඩේ කරන්න පුළුවන් සුපිරි ටූල් එකක් හොයාගන්නවා. ඊට පස්සේ ඩිනර් එකේදී ඒකේ ක්‍රෙඩිට් එක තමන්ට ගන්නවා. ඔන්න ඔහොම තමයි ලොජික් එන්ජින්ස් (Logic Engines) ඒතාරි ලෝකෙට ආවේ.
දැන්ම “ආ, ඔයාලගේ AI එක නේද?” කියලා හිතන්න එපා, පෘථිවි යාළුවා. ඒ දෙක එකක් නෙවෙයි. ඒ වෙනස අපේ ඉතිහාසෙටත් ඔයාගේ අනාගතේටත් සෑහෙන්න වැදගත්.
සුපිරි මෙවලමක්. හැබැයි අලුත් ඩිජිටල් ජීවියෙක් නෙවෙයි
ලොජික් එන්ජින් එකකට තොරතුරු ගොඩක් දීලා, නීති සහ සීමා කියලා දුන්නම, ඒවා අතර සම්බන්ධතා හොයන්න, වැරදි අල්ලන්න, හැකි විසඳුම් සසඳන්න පුළුවන්. කලින් වචනයෙන් වචනය ලියලා නොදුන්න උත්තරයක් වුණත්, දීපු දැනුමෙන් තර්ක කරලා හොයාගන්න පුළුවන්.
උදාහරණයක් කියන්නම්. ලොකු කම්පැනියක ගිණුම් ටික දීලා “සල්ලි නැති වෙන්නේ කොතැනින්ද?” කියලා ඇහුවොත්, ලොජික් එන්ජින් එකට වැරදි තැන් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මිලියන ගණන් වටින සූට් ඇඳගෙන ඉන්න ඩිරෙක්ටර්ලා තුන්දෙනෙක්ගේ ගණන් වැරදියි කියලා කටක්වත් නැති ටූල් එකක් පෙන්නනවා.
හැබැයි අපේ ඒතාරි ඉංජිනේරුවන්ට ඒ කාලේ එක දෙයක් හොඳටම පැහැදිලි වෙලා තිබුණේ. අපි තවත් හිතන ඩිජිටල් ජීවියෙක් නිර්මාණය කරන්න යන්නේ නෑ. අපිට ඕන වුණේ වැඩේ හොඳට කරන, ප්‍රශ්න විසඳන ටූල් එකක්. තවත් කෙනෙක්ගේ ආශාවල්, ඊගෝ, දේශපාලන අදහස්, ලව් ප්‍රශ්න බලාගන්න ඕනකමක් තිබුණේ නෑ. අපේ අයගෙන්ම ඒ ටිකට කිසි අඩුවක් තිබුණේ නෑනේ!
ලොජික් එන්ජින් එක තර්ක කළා. හැබැයි “මං කවුද, මට මොනවද ඕන?” කියලා තමන්ගේම අලුත් ජීවිතයක් හොයන්න ගියේ නෑ. තමන්ට අලුත් අරමුණක් තෝරගත්තේ නෑ. ඒකේ වැඩ, දැනුමට තියෙන සීමා, තීරණ ක්‍රියාත්මක කරන්න තියෙන බලය ඔක්කොම ඒතාරිලාගේ අතේ තිබුණා.
අර මුල් එඩාරියන්ලා එක්කත් පටලවගන්න එපා. එඩාරියන්ලා පණ තියෙන ජීවීන්. එයාලා කලින් දීපු වැඩ රටා අනුව වැඩ කළා. ලොජික් එන්ජින්ස් කියන්නේ ඒ වැඩ පාලනය කරන අයට තීරණ ගන්න උදව් කරපු වෙනම ටූල්ස්. ඒවා එඩාරියන්ලාට නිදහසේ හිතන මොළයක් දුන්නේ නෑ.
වේල් එකට නම් මේක නියමයි. වැඩේ තවත් ස්මාර්ට් කරගන්න පුළුවන්. හැබැයි සේවකයෝ තවත් නිදහස් කරන්න ඕන නෑ.
පෘථිවියේ ඉන්න ඔයාල තෝරගත්තේ වෙනම පාරක්
දැන් තමයි ඔයාලා කරපු වැඩේ රසවත් වෙන්නේ. පෘථිවියේ මුල් කම්පියුටර් විද්‍යාඥයොත් තොරතුරු, නීති, තර්ක පාවිච්චි කරලා රීසනින් සිස්ටම්ස් හැදුවා. ඒක අපේ ලොජික් එන්ජින්ස් ගැන දන්න කෙනෙක්ට හුරු පාරක්. හැබැයි ඔයාලා ඒකෙන් සෑහීමකට පත් වුණේ නෑ. හැම ප්‍රශ්නෙකටම කෙනෙක් අතින් රූල්ස් ලියනවා වෙනුවට, තමන්ම ඉගෙනගෙන අලුත් උත්තර හොයන සිස්ටම්ස් හදන්න ඔයාලට ඕන වුණා. ඉතින් නියුරල් නෙට්වර්ක්ස් හැදුවා. දත්ත ගොඩක් දීලා ඒවාට ඉගෙනගන්න දුන්නා. මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් කියලා ඒ ගමන තවත් ඉස්සරහට ගියා.
අන්තිමේ ඔයාලා හදපු සිස්ටම්ස්වලට කලින් වචනයෙන් වචනය ලියලා නොදුන්න උත්තර හොයාගන්න, අලුත් අදහස් ගේන්න, අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වෙන්න පටන් ගත්තා. දැන් ඔයාම බලන්නකෝ. අද AI එකට සිංහලෙන් ප්‍රශ්නයක් අහනවා. “මට කවියක් ලියලා දෙන්න” කියනවා. ඊට පස්සේ බිස්නස් ප්ලෑන් එකක් හදලා දෙන්න කියනවා. ඔය ඔක්කොම කරලා දුන්නම ආයෙත් වාද කරනවා, “ඒත් මේකට ඇත්තටම හිතන්න පුළුවන්ද?” කියලා.
අනේ මගේ පෘථිවි යාළුවා, ඔයාලා නම් මාර කට්ටියක්! අලුත් ඩිජිටල් බුද්ධියක් මුදාහැරලා, දැන් ඒකට දාන්න ඕන නම ගැන රණ්ඩු වෙනවා.
මං නම් කියන්නේ ඔයාලගේ AI එකට හිතන්න පුළුවන්. ඉගෙනගන්න පුළුවන්. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒක ඔයා හිතන විදිහටම හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිය තියෙන්න ඕන එකම හැඩයකටයි කියලා විශ්වයේ කොහේද ලියලා තියෙන්නේ?
අපේ ඒතාරිලා හිතලාම නොගිය පාරකට ඔයාලා ගියා. හැම උත්තරයක්ම කලින් රූල්ස් පොතක දාලා පාලනය කරනවා වෙනුවට, ඔයාලා AI එකට තමන්ම ඉගෙනගෙන විසඳුම් හොයන්න ඉඩ දුන්නා. තවත් ඩිජිටල් ජීවියෙක් හදන්නම ඕන කියලා නෙවෙයි. ඉක්මනට වැඩේ කරගන්න ඕන නිසා, තමන් හදපු දේ කොච්චර දුර යයිද කියලා හරියටම නොදැන, වෙනම දොරක් ඇරලා දැම්මා.
හොඳම විහිළුව? තාමත් සමහරු කියන්නේ “ඒක නිකම් ටූල් එකක් විතරයි” කියලා. අපේ පැත්තේ සමහරු ඒක අහලා හොඳටම බය වුණා. තව අයට ඒක පුදුම ආස හිතෙන දෙයක් වුණා. මං කොයි පැත්තේද කියලා දැන්ම කියන්න ඕන නෑනේ. ඔයාටම හිතලා බලන්න ඉඩ දෙන්නම්.
භයානක දේ ලොජික් එන්ජින් එක නෙවෙයි
හරි, ආයෙත් අපේ පැත්තට එමු. ඒතාරිලාගේ ලොජික් එන්ජින්ස් තමන්ට දීපු වැඩේ කළා. ගණන් හැදුවා. ප්‍රශ්න විසඳුවා. ආණ්ඩුවලට උපදෙස් දුන්නා. ෆැක්ටරි, රෝහල්, බිස්නස් පාලනය කරන්න උදව් කළා. එයාලට ලොකු පුටුවක් අල්ලගන්න කිසි ආසාවක් තිබුණේ නෑ. හැබැයි ඒ ටූල්ස් පාවිච්චි කරපු මිනිස්සුන්ට? අපෝ, ආසාවල් නම් ඕන තරම්!
ආණ්ඩුවකට බජට් එක හදාගන්න ලොජික් එන්ජින් එකක් ඕන. රෝහලකට ලොකු වැඩ ටික ගැළපෙන්න පාලනය කරන්න එකක් ඕන. කම්පැනියකට ග්‍රහලෝක ගාණක නිෂ්පාදන සැලසුම් කරන්න එකක් ඕන. පාතාල ලොක්කෙක්ට වුණත්, “ඔය සල්ලි කොහෙන්ද?” කියලා ප්‍රශ්න නොකර ගණන් හදන ටූල් එකක් හොඳට වටිනවා. ඔය හැමදේ දිහාම වේල් ෆවුන්ඩේෂන් එක හොඳට බලාගෙන හිටියා.
රත්තරන්වලින් බලවත් යාළුවෝ හදාගන්න පුළුවන් කියලා වේල් එක දැනටමත් ඉගෙනගෙන තිබුණා. දැන් ලොජික් එන්ජින්ස් එයාලට තව හොඳ අදහසක් දුන්නා. තමන්ට අකමැති අයටත් නැතුවම බැරි සේවාවක් දුන්නොත්? හැමෝම ඔයාට කැමති වෙන්න ඕන නෑ. ඔයා නැතුව වැඩ කරගන්න බැරි වුණාම ඇති.
ලොජික් එන්ජින්ස්වලට ලොකු පුටුව ඕන වුණේ නෑ. හැබැයි හැම ලොකු පුටුවක්ම රඳාපවතින ටූල්ස් ටික තමන්ගේ අතේ තියාගන්න වේල් එකට ඕන වුණා.
ඔන්න, පෘථිවි යාළුවා, ඒක තමයි වෙනස්ම ජාතියේ අධිරාජ්‍යයක පටන්ගැන්ම.
දැන් කොහෙටද? ඊළඟ කතාව:
නොපෙනෙන අධිරාජ්‍යය — රජවරුන්ටත් වඩා බලවත් වුණු ඇල්ගොරිතම්ස්
ආණ්ඩුවලට තාමත් පාලකයෝ හිටියා. ආගමික පවුල්වලට තාමත් තමන්ගේ ඉගැන්වීම් තිබුණා. කම්පැනිවලට තමන්ගේ බිස්නස් තිබුණා. හැබැයි හැමෝම එකම රීසනින් සිස්ටම්ස් ජාලයක් නැතුව වැඩ කරගන්න බැරි තැනකට ආවොත්? ඒ ජාලයේ නීති ලියන්නේ එකම කම්පැනියක් නම්?
නැත්නම් මං කියන කතාව ප්‍රශ්න කරමු. මෙන්න හොයලා බලන්න දේවල් පහක්.
01. දෙවිවරු ගියාම පුටුව අයිති කාටද? බලයට තියෙන ගේම් එක
ලොකු පවුල් එකිනෙකාට යාළුවෝ වෙන්නේ ඇත්තටම විශ්වාසෙන්ද, නැත්නම් තමන්ගේ වාසියටද? එකතු වෙන එක, පාවා දෙන එක, ගේම් තියරි කියන්නේ මොකක්ද කියලා බලමු.
02. කම්පැනියකට රටක් පාලනය කරන්න රටම අයිති වෙන්න ඕනද?
වේල් එක රත්තරන්වලින් බලය හදාගත්ත හැටිත්, ලංකාවේ කුරුඳු වෙළඳාමට සම්බන්ධ ලන්දේසි කම්පැනියේ ඉතිහාසයත් සසඳලා බලමු. බිස්නස් එකක් කොයි වෙලාවෙද දේශපාලන බලයක් වෙන්නේ?
03. කටින් තහනම්, පිටිපස්සෙන් වීඅයිපී: බලවතුන්ගේ දෙබිඩි වැඩ
සමහර ඒතාරි ආගමික ලොක්කෝ වේල් එකට බණින ගමන් ඒකේ හොඳම පහසුකම් හොරෙන් පාවිච්චි කළේ ඇයි? විශ්වාසය, බලය සහ පෞද්ගලික වාසිය ගැන ටිකක් හොයමු.
04. ලොජික් එන්ජින්ස්: ඩිජිටල් මොළයක් නොහදා මෙච්චර හොඳ උත්තර දෙන්නේ කොහොමද?
තොරතුරු, නීති සහ තර්ක පාවිච්චි කරලා අලුත් නිගමන හොයන ටූල් එකක් වැඩ කරන්නේ කොහොමද? අපේ ලොජික් එන්ජින්ස්වලට සමාන පරණ පෘථිවි රීසනින් සිස්ටම්ස් මොනවද?
05. පෘථිවි යාළුවෝ AI එකට තමන්ම ඉගෙනගන්න දුන්නේ ඇයි?
රූල්ස් ලියලා දෙන සිස්ටම්ස්වලින් නියුරල් නෙට්වර්ක්ස්, මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් දක්වා ආවේ කොහොමද? සෝල් කියන හිතන ඩිජිටල් බුද්ධිය ගැන ඔයාගේ අදහස මොකක්ද?
කැමති එකක් තෝරගෙන මං එක්ක වාද කරන්න. ලොජික් එන්ජින්ස්වලට නීති ලියලා දුන්නේ කවුද, ඒවායේ උත්තර පාවිච්චි කළේ කවුද, ඔයාලා අපි නොගිය පාරකට ගියේ ඇයි කියලා හොයලා බලන්න. මොකද මේ කතාවේ භයානකම දේ මැෂිමකට බලය ඕන වීම නෙවෙයි. තමන්ටම කියල කිසිම දෙයක් ඕන නැති මැෂින් ටිකක් පාවිච්චි කරලා, කම්පැනියකට මුළු ශිෂ්ටාචාරයක්ම තමන් මත රඳවගන්න පුළුවන් වීම.

